Wednesday, January 8, 2020

NADEEKA GURUGE - Kokilayange Kokila Nadee Song Lyrics

VIDEO එක බලන්න මේ LINK https://youtu.be/tCk8n_ma0aI එක උඩ CLICK කරන්න

කෝකිලයන්ගේ කෝකිල නාදේ...//
හීන හඳින් හීන වගේ එයි නැගී

ජාති ජාති මලින් සුවඳ උරා බී - වටින් පිටින් සිහිල් සුළං හමන්නේ
සාමදාන සැඳෑ සොබා ඇදෙන්නේ - අන්න අන්න ඉරත් මූදේ ගිලෙන්නේ....
මගේ කුමාරී ආල තොටිල්ලේ පැදෙමු නිදැලේලේ....

කෝකිලයන්ගේ.....

සුදෝ සුදෝ අන්න සදත් එබෙන්නේ - සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ
එපා එපා සදේ නිකන් තැවෙන්නේ - ඇයිද මාගේ සුදා මටයි ආදරේ....
අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා ගීත ගයන්නෝ....

කෝකිලයන්ගේ.....

සමන් මලක් නෙලා මගේ බිසෝගේ - හිසේ ගසම් අන්න මගේ විනෝදේ
එන්න අනේ එන්න මගේ කුමාරී - සාදු කියා හාදු දෙකක් දෙන් සිරී....
මගේ කිරිල්ලී හනේ සුමිහිරී ගයන් අමා ගී....

කෝකිලයන්ගේ.....

බෝම ඇතත් සුදෝ මැණික් සාගරේ - ඔබයි මගේ මැණික මගේ ආදරේ
ඉතින් එපා සැකක් මගේ සුන්දරී - මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී....
මගේ අශෝකා මගේ විශාකා මගේ මල්ලිකා....

කෝකිලයන්ගේ.....

EDWARD JAYAKODY - Epa Sande Obe Sina Me Raye Song Lyrics


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/18ov6DIgG8Y එක උඩ CLICK කරන්න


එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපි දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...

අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුනා
ලතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා...

හිත බැඳි සිහිනේ නෙත රැඳි යාමේ
මුව රොන් සැලී ලවන් සේදුනා
මදු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...

EDWARD JAYAKODY - Dawasin Dawasata Kolayen Kolayata Song Lyrics



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/Rb2kCW8wRfA එක උඩ CLICK කරන්න




දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩු වෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා.... ඔබ මනසේ....

පුර පස අව පස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගේ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවිද
මුදු සිතුවිලි ඔබ හඳ මැදුරේ....

දවසින් දවසට....

සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ....
හිතන්න බොළඳිය මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට....
නව දින දසුනක්.... එනවා....

EDWARD JAYAKODY - Mini mini poda watewi song lyrics



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/dOPGdMLVQSw එක උඩ CLICK කරන්න




මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්....//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්....

මිණි මිණි පොද වැටේවි...

බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්...

මිණි මිණි පොද වැටේවි...


ගායනය - එඞ්වඞ් ජයකොඩි     පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ    සංගීතය - කරුණාරත්න විජේවර්ධන

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...