පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑ කරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා...//
දුන්න වගේ නැමි බංඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ...
මන්ද නඟේ නුඹ යන්නේ ගමෙන් පිට
ගංගොඩ වෙල් එළි පාළු වෙතේ...
පින්න මලේ සුද...
ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නේ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ
පින්න මලේ සුද...
No comments:
Post a Comment