පන්සලේ පල්ලියේ දහදියෙන් අප තැනූ
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දන නැමූ...//
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ
මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ
නැති කමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ...//
හෙට වුනත් නෑ පමා පන පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියදුනත් හාමතේ
වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවෙන් සදා කල් ගෙවූ...//
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ
පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ
පන්සලේ පල්ලියේ....
No comments:
Post a Comment