Friday, January 1, 2021

Sinhala Jaya Geetha Hadata - Athula Somasiri (සිංහල ජය ගීත හඩට - අතුල සෝමසිරි) දේශාභිමානී ගී... #sinhalajayageethahadata

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/keS-NcaeWfc එක උඩ CLICK කරන්න



සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ සිංහල සරණේ....//

මූදු වගේ වැව් බැදුණේ... යෝධ විකුම් බල නැඟුණේ...//

වීර හැඟුම් මල් පිපුණේ
සාර රටක් ලොව මැවුණේ
ගල් මත බුදු රූ දිලුණේ
මහ මෙත් සිසිලෙන් තෙමුණේ
මහ බෝ හිස දළු සැළුණේ
සදහම් පණිවිඩ ඇසුණේ

සිංහල ජය ගීත හඬට...

රුදු රුපු තෙද ඔද සිදුණේ... සුරවිරු රණ ගී ගැයුණේ....//

මව් බිම දියුණට පොරණේ
දහදිය කඳු ගොඩ ගැසුණේ
සිරි දළදා රැකවරණේ...
රන් වැළි මහ සෑ කිරණේ...
මරණින් මතු නව අරණේ...
යළි උපදිමු මේ දෙරණේ...

සිංහල ජය ගීත හඬට...




No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...