Tuesday, April 6, 2021

Thena Thena Rawumata Idagena - Edward Jayakodi තැන තැන රවුමට ඉදගෙන - එඩ්වඩ් ජයකොඩ් #thenathena

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/JkPLU4kVwc4 එක උඩ CLICK කරන්න



තැන තැන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර...//
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යන විට කවි පද කියවෙන්නා

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...//

පැණි මොර මල් පිපුණු රෑට කජු පුහුලන් ඉදුණු දාට...//

පුංචි අපේ සිත් තුල සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...//

ගුංඩු පැනලා නැටුවෙත් අපි
වච්චි කියලා දිව්වෙත් අපි...//

හරිම වැඩේ අද ළමයින් ඒවා නොදන්නා
වෛවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...//

තැන තැන රවුමට ඉඳගෙන... 

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...////





Thedini Viraja - Edward Jayakodi තෙදිනි විරාජ - එඩ්වඩ් ජයකොඩි Katharagama GOD Song #thediniwiraja



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/Co2FrGEpb8k එක උඩ CLICK කරන්න



තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ කඳ දෙව් රාජ.... //

එරන් මයුර වාහනයෙන්
රුපු සෙන් බිඳ වැඩමවන්න
වැඩහිටි කදු මත වැඩ සිට
නරකැල වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න

තෙදිනි විරාජ....

අණ විණ වස් දොස් තුන්බිය
දුරලා සත රැක දෙවන්න
මැණික් ගඟේ නිමල දියෙන
කිළි කුණු සෝදා හරින්න
කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න

තෙදිනි විරාජ....





 

Siri Yahane Lanu Ihiree - Edward Jayakody (සිරි යහනේ ලණු ඉහිරී - එඩ්වඩ් ජයකොඩි) #siriyahane



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/uGUXuMzKzuY එක උඩ CLICK කරන්න



සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....//

සිරි යහනේ ලණු ඉහිරී...

සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....//

සිරි යහනේ ලණු ඉහිරී...

යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පිං
මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....//

සිරි යහනේ ලණු ඉහිරී...




 

Pinna Male Suda - Edward Jayakodi (පින්න මලේ සුද ඇන්න ගිහින් වද - එඩ්වඩ් ජයකොඩි) #pinnamale



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/tF9VK6r0ExM එක උඩ CLICK කරන්න



පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑ කරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා...//

දුන්න වගේ නැමි බංඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ...
මන්ද නඟේ නුඹ යන්නේ ගමෙන් පිට
ගංගොඩ වෙල් එළි පාළු වෙතේ...

පින්න මලේ සුද...

ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නේ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

පින්න මලේ සුද...





 

Pansale Palliye - Edward Jayakody (පන්සලේ පල්ලියේ - එඩ්වඩ් ජයකොඩි) #pansalepalliye



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/JJjS6YkbSUc එක උඩ CLICK කරන්න




පන්සලේ පල්ලියේ දහදියෙන් අප තැනූ
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දන නැමූ...//

ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ
නැති කමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ...//

හෙට වුනත් නෑ පමා පන පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියදුනත් හාමතේ

වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවෙන් සදා කල් ගෙවූ...//

මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ
පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ

පන්සලේ පල්ලියේ....





 

Nubata Hithathi Nuba Hitha Nathi - Edward Jayakody (නුඹට හිතැති නුඹ හිත නැති - එඩ්වඩ් ජයකොඩි) #nubatahithathi


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/cErB9-DbQnI එක උඩ CLICK කරන්න



නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා....
මට හිත නැති වුනත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා.... //

ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා
ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා
රෑ සිහිනෙන් පෙම් දිවසළු හිත දැවටෙනවා....

නුඹට හිතැති....

ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා
ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා
එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා....

නුඹට හිතැති....




 

Mini Mini Poda Watewi - Edward Jayakody (මිණි මිණි පොද වැටේවි - එඩ්වඩ් ජයකොඩි) #miniminipodawatewi


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/dOPGdMLVQSw එක උඩ CLICK කරන්න


මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්....//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්....

මිණි මිණි පොද වැටේවි...

බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්...

මිණි මිණි පොද වැටේවි...




 

Me Koi Yanne Raigam Yanne Edward Jayakodi (මේ කොයි යාන්නේ රයිගම් යාන්නේ එඩ්වඩ් ජයකොඩි) #mekoiyanne



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/LOmXOuwnzIs එක උඩ CLICK කරන්න



මේ කොයි යාන්නේ... රයිගම් යාන්නේ...
කවදද ඒන්නේ... නැත අප දාන්නේ...

උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් තිඹොල් ඇණෙයි... //

මේ කොයි යාන්නේ... රයිගම් යාන්නේ...

කුරිරු ගොර සතුන් ගහණයි... වනන්තරේ...
වල්මත් නොවී යන ගමනයි... හිමින් සැරේ...

සතුන් පනී දෙඹරු අනී
සොර මුළු සේසත පැහැර ගනී...//

මේ කොයි යාන්නේ... රයිගම් යාන්නේ...

බාර හාර වී පුද පෙත්... නොකලාට...
අටවිසි බුදුන්ගේ සරණයි... නුඹලාට...

ගමන දුරයි මග කටුකයි
පායුග පැකිළෙයි බලාගෙනයි...//

මේ කොයි යාන්නේ... 

උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් තිඹොල් ඇණෙයි... ////





 

Karakena Rode - Edward Jayakody (කැරකෙන රෝදේ - එඩ්වඩ් ජයකොඩි) #karakenarode




VIDEO එක බලන්න මේ LINK https://youtu.be/qBMF_OCgymY එක උඩ CLICK කරන්න



කැරකෙන රෝදේ පුංචි කරත්තේ 
ඉඳගෙන මම ඉන්නේ....
පදික වේදිකා පසුකර යන්නට 
තල්ලු කරන් පුතුනේ.... තල්ලු කරන් පුතුනේ....

කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ.... තල්ලු කරන් පුතුනේ....

කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මග ඇති නෙත් අරවාගෙන
තල්ලු කරන් පුතුනේ.... තල්ලු කරන් පුතුනේ....

කැරකෙන රෝදේ....






 

Karadiya Gembare - Edward jayakody (කරදිය ගැඹරේ - එඩ්වඩ් ජයකොඩි) #karadiyagambare



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/6HEi133mQLc එක උඩ CLICK කරන්න



කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිහෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...




 

Issara Widiyata Duwa Pena Yana Eka - Edward Jayakody (ඉස්සර විදියට දුව පැන යන එක - එඩ්වඩ් ජයකොඩි) #issarawidiyata

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/lgjnBMGut_I එක උඩ CLICK කරන්න




ඉස්සර විදියට දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ...
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ...

කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී..
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාලිග වට කුලල් කති...

ඉස්සර විදියට...

රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ...

ඉස්සර විදියට...




Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...