Saturday, July 4, 2020

Amarasiri Pieris - Ladune Song Lyrics (ලදුනේ - අමරසිරි පීරිස්) කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ....



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/6iizC1ffBrk එක උඩ CLICK කරන්න


ළඳුනේ.... ළඳුනේ....
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.... ළඳුනේ....
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ...
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ.... ළඳුනේ....
තෙල් මල් ගෙන දෝත පුරා
මුණිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.... ළඳුනේ....

බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි... ඔබ ද කිසාගෝතමියකි...

පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ....

ගායනය : අමරසිරි පීරිස් 

No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...