Saturday, July 4, 2020

WD Amaradewa - Rathna Deepa Janma Boomi Lyrics (රත්න දීප ජන්ම භූමි - ඩබ්.ඩී. අමරදේව)



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/2hDvS7Vygmw එක උඩ CLICK කරන්න


රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි.... මාතෘභූමියයි...//

ආදි සිංහලේ... වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි.... මාතෘභූමියයි...

මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී...//
ඇත්තෙ ඒ අභීත දූපුතුන්...
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ....//
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි....

රත්නදීප ජන්මභූමි....

සින්දූපමාන වැව්තලා මතින් ඇදී....//
පද්ම රේණුයෙන් සුගන්ධවී...
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා....//
එන්නෙ උන් හෙලූ ප්‍රාණවායුවයි....

රත්නදීප ජන්මභූමි....

ගංගා තරංග රාව දී රිදී වණින්....//
මල් පිපී කුළින් කුළේ හැපී....
ගායනා කරන්නේ ආකාශයේ නැඟී....//
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

රත්නදීප ජන්මභූමි....


ගේය පද - මහගම සේකර   සංගීතය හා ගායනය : විශාරද ඩබ්.ඩි. අමරදේව



No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...