බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ....
දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළඳුනේ....
සංසාර සිහිනේ....
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ.....
නොයනු මැන ළඳුනේ...
බලා වැළපෙමි....
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම් හිඳිනු මැන සොඳුරේ....
හන්තාන අරණේ...
හන්තාන සිහිනේ....
ගායනය : පණ්ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන
No comments:
Post a Comment