මලක මෙලෙක හිතා ගන්න
බැරි අතකින් මල් නෙලන්න එපා යාලුවේ....
හිතක මෙලෙක හිතා ගන්න
බැරි හිතකින් පෙම් කරන්න එපා යාලුවේ....//
රුවට රුවේ මල් පිපුනට
තරඟ වැදී මල් නෙලුවට....//
මලට ආදරේ නැතිනම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලදොත් පෙති ගිලිහේවී
මලක මෙලෙක හිතා ගන්න....
ආදරයක් නැති අතකින්
මල් නෙලන්න බැරි වෙන්නයි....//
හිත ඉහලින් පොකුරු පොකුරු පින් මල් පිපුනේ
හිත ඉහලින් නෙලන්න බැරි පින් මල් පිපුනේ..
මලක මෙලෙක හිතා ගන්න....
ගායනය : අබේවර්ධන බාලසූරිය ගී පද : රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය : රෝහණ වීරසිංහ
No comments:
Post a Comment