බණ කියන රටක් බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක් මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා...
පිං පුරන හිතක් පව් නොදුටු අතක්
යුධ බිමට ගියේ කෙලෙසා
එය සොයන බවක් නොදැණුනිය ඉවක්
යුධ බිමක් වුණේ එලෙසා...
බණ කියන රටක්...
සාමයට මගක් යුධ බිමට මලක්
ගෙනියන්න කෙනෙක් නැතුවා
එය දකින ඇසක් සිත් නිවන මගක්
නොතිබුණිය රටම රවටා...
බණ කියන රටක්...
ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - රඹුක්කණ සිද්ධාර්ථ හිමි
No comments:
Post a Comment