Wednesday, January 13, 2021

Bindu Bindu Mal Wasse - Edward Jayakody (බිංදු බිංදු මල් වැස්සේ - එඩ්වඩ් ජයකොඩි) #bindubindumalwasse

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/tzXzlj1nmOA එක උඩ CLICK කරන්න


බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී...

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී...

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා...

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

බිංදු බිංදු මල් වැස්සේ.....

ආල හැඟුම් මං හින්දා.....





No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...