Monday, January 11, 2021

Kaviya Oba - Deepika Priyadarshani (කවිය ඔබ - දීපිකා ප්‍රියදර්ශනී) #kaviyaoba

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/VFJNx7itDGg එක උඩ CLICK කරන්න



කවිය ඔබ....
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී...
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ 
කවිය ඔබ... කවිය ඔබ... 

පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා මං අසරණව උන්නා
යෞවනේ.... 
තනිකමක් දැනෙනා මොහොතක...
සිත ඉකිගසා හැඬුවා....

කවිය ඔබ....

හොර ඇහින් ඉඟි කරලා සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරලා නිදියන්න මට හිතුනා
යෞවනේ.... 
අත ළඟින් හිඳිනා මොහොතක...
දුර ඈත බව දැනුනා....

කවිය ඔබ....




No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...