රාත්‍රිය වී... නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්....
පතා පැමිණි සුර පුරවර වෙලා ගැණුනි ඝණ කළුවර....//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කථාවක කෙලවර
අසන් හිමියනේ.... කාට කියන්නද මේ දුක ඔබ හැර...
රාත්‍රිය වී...
කලා සොලස පිරි පුරහඳ අතැර ගොසින් සිය පියබඳ...//
එදා දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිලිසිඳ
අසන් හිමියනේ.... කාට කියන්නද මේ දුක ඔබ හැර...
රාත්‍රිය වී...
No comments:
Post a Comment