Friday, January 1, 2021

Wala Athula Siri Yahane - Amarasiri Pieris (වලා අතුල සිරි යහනේ - අමරසිරි පීරිස්) #walaathulasiriyahane

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/JmlwTPIgmZk එක උඩ CLICK කරන්න



වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා....
මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා....

ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා....

නොදරුවකු අතින් බොඳ වුන සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත රටා වියනවා....

කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා....
හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා....

වලා අතුල සිරි යහනේ....




No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...