VIDEO එක බලන්න මේ LINK https://youtu.be/tIUdwySNZwQ එක උඩ CLICK කරන්න
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැණිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වූ අද දවසේ....
අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ
ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ....
ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම....
අයියන්ඩියේ නුඹ ඇවිදින්....
No comments:
Post a Comment