Friday, January 1, 2021

Asai Bayai Bottuwe Namai - Anton Jhones (ආසයි බයයි බෝට්ටුවෙ නමයි - ඇන්ටන් ජෝන්ස්) #asaibayai

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/21JsE-9BLB8 එක උඩ CLICK කරන්න


සයුර බලා බඳ ලෙලවා ඉවුරු තලා ගලා ගියා මාතර ගං කොමලි නිල්වලා....
ගෙදර සිටිය අය කැඳවා මරු තුරුලට අරං ගියා මුළු සිරිලක දුකෙහි ගිල්වලා....
වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට නොයෙක් දෙසින් සෙනඟ පැමිනුනා....
නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවට නැගි සතොසේ සමහරෙකුට යන්නට හිතුනා....

ආසයි බයයි බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි....

බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ වේගයෙන් දියඹට ඇදුනේ....
අත්තක බෝට්ටුව හැපුනේ නොදැනිම ජලයේ ගිලුනේ ඉරණම සැමගේම විසඳුනේ....
වෙසක් සඳ නැග එද්දි මළ කඳන් පාවෙද්දි නෑදෑ හිතවතුන් වැළපුනේ....
හද සෝකෙන් ලත වෙද්දි නෙත් කදුලින් බර වෙද්දි මළ මිනි ගොඩට ගෙනෙන්නේ....

ආසයි බයයි බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි....


පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලි ගියා පෙම්වතී ලොවේ තනිවුනා....
කරුමය මෙලෙස කියා අන්තිම ගමන ගියා මව්පියො හිතවතුන් වැළපුනා....
ඒ සිදුවු විපත අසා රුහුණම දුකෙන් වසා දින ගණනක් දුක පල කෙරුවා....
අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා මෙවැනි විපත් යලි නොමවේවා....

ආසයි බයයි බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි....





No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...