Friday, January 1, 2021

Sannaliyane Sannaliyane - WD Amaradewa (සන්නාලියනේ සන්නාලියනේ - ඩබ්.ඩී. අමරදේව) #sannaliyane

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/p2X0KDqCq8gඑක උඩ CLICK කරන්න



සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ... මේ පොඩි ඇඳුම වියන්නේ... 
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ... කාටද ඇඳුම වියන්නේ...

මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ...
ඊයේ ඉපදුනු කුලුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ...

සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ... දිලිසෙන ඇඳුම වියන්නේ...
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ... කාටද ඇඳුම වියන්නේ...

සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ...
ඒ කුළුඳුල් දු දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ...

සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ
මැළවුනු මුහුණින් වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ... සීතල සළුව වියන්නේ...
කණ කොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ... කාටද සළුව වියන්නේ...

කණ කොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ...
මිය ගිය ඇයගේ මිණිය වහන්නයි සීතල සළුව වියන්නේ...


No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...