VIDEO එක බලන්න මේ LINK https://youtu.be/5_wRE23X8T4එක උඩ CLICK කරන්න
සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණා ම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව...
දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම...
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන...
ඒ හඳ ඇයි ද දිය වක වී මුළු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව...
සඳ දිය දෙවුණ සේ....
ළය මත පිපුණු උණුහුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව...
කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනා පන් නළියන නළ සේම...
සඳ දිය දෙවුණ සේ....
No comments:
Post a Comment