Saturday, July 4, 2020

Amarasiri Peiris & Amal Perera - Wiraga Ragaya Lyrics - (විරාග රාගය - අමරසිරි පීරිස් සමග අමල් පෙරේරා) #wiragaragaya




VIDEO එක බලන්න මේ LINK https://youtu.be/jURu0Gy4zEU එක උඩ CLICK කරන්න


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය...
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය...

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා... ඈ මුකුලිත වූවා...

කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා... ඈ අසරණ වූවා...

විරාග රාගය...

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා... ඈ ලොව අහිමි වුණා...

ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා... ඈ මවෙතට ආවා...

විරාග රාගය...


ගායනය : අමරසිරි පීරිස් සමග අමල් පෙරේරා     ගී පද : බන්දුල නානායක්කාරවසම්



Amarasiri Pieris - Ladune Song Lyrics (ලදුනේ - අමරසිරි පීරිස්) කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ....



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/6iizC1ffBrk එක උඩ CLICK කරන්න


ළඳුනේ.... ළඳුනේ....
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.... ළඳුනේ....
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ...
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ.... ළඳුනේ....
තෙල් මල් ගෙන දෝත පුරා
මුණිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.... ළඳුනේ....

බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි... ඔබ ද කිසාගෝතමියකි...

පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ....

ගායනය : අමරසිරි පීරිස් 

WD Amaradewa - Rathna Deepa Janma Boomi Lyrics (රත්න දීප ජන්ම භූමි - ඩබ්.ඩී. අමරදේව)



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/2hDvS7Vygmw එක උඩ CLICK කරන්න


රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි.... මාතෘභූමියයි...//

ආදි සිංහලේ... වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි.... මාතෘභූමියයි...

මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී...//
ඇත්තෙ ඒ අභීත දූපුතුන්...
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ....//
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි....

රත්නදීප ජන්මභූමි....

සින්දූපමාන වැව්තලා මතින් ඇදී....//
පද්ම රේණුයෙන් සුගන්ධවී...
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා....//
එන්නෙ උන් හෙලූ ප්‍රාණවායුවයි....

රත්නදීප ජන්මභූමි....

ගංගා තරංග රාව දී රිදී වණින්....//
මල් පිපී කුළින් කුළේ හැපී....
ගායනා කරන්නේ ආකාශයේ නැඟී....//
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

රත්නදීප ජන්මභූමි....


ගේය පද - මහගම සේකර   සංගීතය හා ගායනය : විශාරද ඩබ්.ඩි. අමරදේව



WD Amaradewa with Umariya - Bala Welapemi Song Lyrics (බලා වැළපෙමි - පණ්ඩිත් අමරදේව සමග උමාරියා)



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/I-ULi0f3yvM එක උඩ CLICK කරන්න


බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ....
දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළඳුනේ....
සංසාර සිහිනේ....

වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ.....
නොයනු මැන ළඳුනේ...

බලා වැළපෙමි....

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම් හිඳිනු මැන සොඳුරේ....
හන්තාන අරණේ...

හන්තාන සිහිනේ....

ගායනය : පණ්ඩිත් අමරදේව සහ උමාරියා       පද රචනය - ජානක සිරිවර්ධන        සංගීතය - අරුණ ගුණවර්ධන

WD Amaradewa - Aradhana Song Lyrics (ආරාධනා - ඩබ්.ඩී. අමරදේව ශූරීන්) ජීවිතයේ තනි මංසල අතරමං වෙලා....



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/IL5xt9TPGMM එක උඩ CLICK කරන්න


ආරාධනා.... ආරාධනා....
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාවෙ සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා.... ආරාධනා....

නෙළු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ.... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමණින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා.... ආරාධනා....

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔfබි උණුසුමේ.... යළිඳු උපන්නෙම්
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා.... ආරාධනා....

ගායනය : ඩබ්.ඩි. අමරදේව

Abewardana Balasooriya - Malaka Meleka Hithaganna Lyrics (මලක මෙලෙක හිතාගන්න - අබේවර්ධන බාලසූරිය)



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/MEU9SiHwAdM එක උඩ CLICK කරන්න




මලක මෙලෙක හිතා ගන්න
බැරි අතකින් මල් නෙලන්න එපා යාලුවේ....
හිතක මෙලෙක හිතා ගන්න
බැරි හිතකින් පෙම් කරන්න එපා යාලුවේ....//

රුවට රුවේ මල් පිපුනට
තරඟ වැදී මල් නෙලුවට....//

මලට ආදරේ නැතිනම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලදොත් පෙති ගිලිහේවී

මලක මෙලෙක හිතා ගන්න....

ආදරයක් නැති අතකින්
මල් නෙලන්න බැරි වෙන්නයි....//

හිත ඉහලින් පොකුරු පොකුරු පින් මල් පිපුනේ
හිත ඉහලින් නෙලන්න බැරි පින් මල් පිපුනේ..

මලක මෙලෙක හිතා ගන්න....

ගායනය : අබේවර්ධන බාලසූරිය    ගී පද : රඹුක්කන සිද්ධාර්ථ හිමි    සංගීතය : රෝහණ වීරසිංහ

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...