Wednesday, January 13, 2021

Game Pansala Ape Pansala Edward Jayakodi (ගමේ පංසල අපේ පංසල - එඩ්වඩ් ජයකොඩි) #gamepansala

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/CK1hbWx5Edo එක උඩ CLICK කරන්න


ගමේ පංසල අපේ පංසල අපේකම රැක්කා...
අපේ දානෙදි අපේ මරණෙදි
අපේ ළඟ හිටියා... //

අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා
නිවන් පුර වැද නිවී සැනහෙන
මාවතේ යැව්වා...

ගමේ පංසල...

අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා...
අපේ දෙස බස අපේ පංසල
නිසාවෙන් රැකුනා...

ගමේ පංසල...

අපේකම රැක්කා... අපේ ළඟ හිටියා... //





Eka Yaye Kaka Weti - Sunil Edirisingha | Edward Jayakody | Bandula Wijeweera (එක යායේ කකා වැටී) #ekayayekakaweti


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/qdBzCTCQdTQ එක උඩ CLICK කරන්න


එක යායේ කකා වැටී.... එකා වගේ එකට හිටී....
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා....

ගෙට ආ කල ටිකිරි ලියා.... නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී....
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී....

එක යායේ කකා වැටී.....

වළට වැටුණු එකා යකා.... වළටම ඇද ගනු මිසකා
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී....
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකි....

එක යායේ කකා වැටී.....




 

Budu Banak Kiyannata - Edward Jayakody (බුදු බණක් කියන්නට - එඩ්වඩ් ජයකොඩි) #budubanakkiyannata

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/zK0PTNO2k28 එක උඩ CLICK කරන්න



බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා... ඉහිරිලා...
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා...

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්න නම් එපා ඉක්මන් වෙලා...

බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා...

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා...

හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා...
බුදු බණක් කියන්නට....





Budu Bana Kiwwath - Edward Jayakody & Malani Bulathsinhala (බුදු බණ කිව්වාත් - එඩ්වඩ් ජයකොඩි සමග මාලනී බුලත්සිංහල) #budubanakiwwath

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/OQddJqUo3b4 එක උඩ CLICK කරන්න


බුදු බණ කිව්වාත් නිරන්තරේ...
බුදු බණ ඇසුවාත් නිරන්තරේ...
ගති ගුණ අතින් අපි තවමාත්
වනාන්තරේ වනාන්තරේ....//

බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් අපි හට ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා...

බුදු බණ කිව්වාත්...

සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳ යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා...

බුදු බණ කිව්වාත්...




Bindu Bindu Mal Wasse - Edward Jayakody (බිංදු බිංදු මල් වැස්සේ - එඩ්වඩ් ජයකොඩි) #bindubindumalwasse

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/tzXzlj1nmOA එක උඩ CLICK කරන්න


බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී...

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී...

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා...

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

බිංදු බිංදු මල් වැස්සේ.....

ආල හැඟුම් මං හින්දා.....





Bana Kiyana Ratak Bana Ahana Ratak - Edward Jayakody (බණ කියන රටක් බණ අහන රටක් - එඩ්වඩ් ජයකොඩි) #banakiyanaratak

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/xphwMPNhINw එක උඩ CLICK කරන්න


බණ කියන රටක් බණ අහන රටක් යුධ බිමක් වුණේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා... පිං පුරන හිතක් පව් නොදුටු අතක් යුධ බිමට ගියේ කෙලෙසා එය සොයන බවක් නොදැණුනිය ඉවක් යුධ බිමක් වුණේ එලෙසා... බණ කියන රටක්... සාමයට මගක් යුධ බිමට මලක් ගෙනියන්න කෙනෙක් නැතුවා එය දකින ඇසක් සිත් නිවන මගක් නොතිබුණිය රටම රවටා... බණ කියන රටක්... ගායනය - එඩ්වඩ් ජයකොඩි සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - රඹුක්කණ සිද්ධාර්ථ හිමි




Tuesday, January 12, 2021

Kumatada Sobaniye Kandulu Salanne - Nari Bena Drama (කුමටද සොබනියෙ කදුලු සලන්නේ - නරි බෑනා නාට්‍යය) #kumatadasobaniye

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/ljngQAVmz7c එක උඩ CLICK කරන්න



කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්.....
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම්....

ඔබ හට හැම සැප එහි දෙන්නම්.... ඔබ හට හැම සැප එහි දෙන්නම්....

කුමටද සොබනියෙ....

සඳ පායන කල ගඟබඩ ඉදගෙන ඔබෙ හිස පීරන්නම්...
ඔබෙ හිස පීරන්නම්...
මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට ඔබ ගෙන ඇවිදින්නම්...
ඔබ ගෙන ඇවිදින්නම්...
සොදුරියෙ ආදර බස් දෙන්නම්..... සොදුරියෙ ආදර බස් දෙන්නම්.....

කුමටද සොබනියෙ....

තණ අග දිලිසෙන පිණි කැට අරගෙන ඔබෙ ඇඟ දෝවන්නම්....
ඔබෙ ඇඟ දෝවන්නම්....
ඉරපායන විට පුබුදින මල් ගෙන ඔබෙ හිස සරසන්නම්....
ඔබෙ හිස සරසන්නම්....
කොමලියෙ ආදර බස් දෙන්නම්..... කොමලියෙ ආදර බස් දෙන්නම්.....

කුමටද සොබනියෙ....




Awasana Premayai Mage - Dimanka Wellalge (අවසාන ප්‍රේමයයි මාගේ - දිමන්ක වෙල්ලාලගේ) #awasanapremayaimage

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/uG-jpd4VM24 එක උඩ CLICK කරන්න



අවසාන ප්‍රේමයයි මාගේ... නෑ පතන්නේ කෙනෙක් ආයේ...
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ... මාව හැරදාලා ඔයත් යන්නට ගියා...
කවුරුත්ම එන්නෙපා... රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ... මේ උනන කඳුලට වඩා...

හීන අතරේ සෙනෙහෙ සොයලා... හිතට වෙහෙසයි දුකම විදලා...
කවුරුත්ම නෑ මට පෙම් කලේ... මමම විතරයි ආදරේ කලේ...
ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනෙ නෑ...
තනිවෙලා ඉන්න... හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා... රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ... මේ උනන කඳුලට වඩා...

ඔබේ මත්තේ නැහිලා නැහිලා... මගේ හිත දැන් නොමැරි මැරිලා...
හදුනන්නෙ නෑ ආයේ ඔබ මා... මතක පොත දැන් හොදට පිරිලා...
ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනෙ නෑ...
තනිවෙලා ඉන්න... හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා... රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ... මේ උනන කඳුලට වඩා...

අවසාන ප්‍රේමයයි...






Rathriya Wee - Deepika Priyadarshani Pieris (රාත්‍රිය වී - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්) #rathriyawee

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/88rD774V0c4 එක උඩ CLICK කරන්න


රාත්‍රිය වී... නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්....

පතා පැමිණි සුර පුරවර වෙලා ගැණුනි ඝණ කළුවර....//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කථාවක කෙලවර
අසන් හිමියනේ.... කාට කියන්නද මේ දුක ඔබ හැර...

රාත්‍රිය වී...

කලා සොලස පිරි පුරහඳ අතැර ගොසින් සිය පියබඳ...//
එදා දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිලිසිඳ
අසන් හිමියනේ.... කාට කියන්නද මේ දුක ඔබ හැර...

රාත්‍රිය වී...





Monday, January 11, 2021

Kaviya Oba - Deepika Priyadarshani (කවිය ඔබ - දීපිකා ප්‍රියදර්ශනී) #kaviyaoba

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/VFJNx7itDGg එක උඩ CLICK කරන්න



කවිය ඔබ....
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී...
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ 
කවිය ඔබ... කවිය ඔබ... 

පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා මං අසරණව උන්නා
යෞවනේ.... 
තනිකමක් දැනෙනා මොහොතක...
සිත ඉකිගසා හැඬුවා....

කවිය ඔබ....

හොර ඇහින් ඉඟි කරලා සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරලා නිදියන්න මට හිතුනා
යෞවනේ.... 
අත ළඟින් හිඳිනා මොහොතක...
දුර ඈත බව දැනුනා....

කවිය ඔබ....




Sunday, January 10, 2021

Anna Balan Idikada Laga - Deepika Priyadarhani Pieris (අන්න බලන් ඉදිකඩ ලග - දීපිකා ප්‍රියදර්ශනී) #annabalanidikadalaga

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/YJuAS48xYG4 එක උඩ CLICK කරන්න



අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//

පුංචි දුවේ නුඹ යනකොට සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...
ලඳු දෙනි මැද දෙවැට දිගේ දොළ පාරින් එගොඩ වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...

අන්න බලන්...

එක පුටුවක වාඩි වෙලා එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...
මං නොදුටුව නව ලෝකය කිරුළු පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...

අන්න බලන්....




Mage Jeewithe - Dayan Witharana (මගේ ජීවිතේ - දයාන් විතාරණ) #magejeewithe

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/Zy_HWyKrcIo එක උඩ CLICK කරන්න



මගෙ ජීවිතේ....
සතුට රැඳී තිබුනේ... තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ... හසරැල්ලේ...
සිතුවේ නෑ... දැනුනේ නෑ...
ඔබ දකින තුරා....

සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා සුන්දරයි ඔබ....
අහිංසකයි කී හැමදේකටම වඩා අහිංසකයි ඔබ....
මටම හිමිවෙලා.... මා ලඟ ඉන්න සදා....

මගෙ ජීවිතේ....

අස්ථිරයි සිතු සියළු දෙයම බොරු වී ස්ථිරයි ඔබ....
කවි සිතකැයි කී මගෙ සිත පාළු මැකී හිනැහෙනවා ඔබ....
මටම හිමිවෙලා.... මා ලඟ ඉන්න සදා....

මගෙ ජීවිතේ....




Saturday, January 9, 2021

Sihina Lowe Mihira Mawu Mali - CT Fernando (සිහින ලොවේ මිහිර මැවූ මාලි - සී.ටී. ප්‍රනාන්දු) #sihinalowemihiramawumali


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/P-XuJLeTDd4 එක උඩ CLICK කරන්න


සිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලී මා රගන්න මිහිරේ...//

මගෙ ශෝක සුසුම් පාවේ රස සිහින පැතුම් හාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ....
පෙම් මිහිරි ගීත රාවේ මේ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ....
කවියන්ගෙ අමර ලෝකේ රස දෙමින් නසන ශෝකේ
සුරතලි ඔබ තමයි ළදුන්නේ....

මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරී මා ප්‍රියාවී....//

සිහින ලොවේ....

මගෙ ශෝක සුසුම් පාවේ රස සිහින පැතුම් හාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ....
පෙම් මිහිරි ගීත රාවේ මේ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ....
කවියන්ගෙ අමර ලෝකේ රස දෙමින් නසන ශෝකේ
සුරතලි ඔබ තමයි ළදුන්නේ....

මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරී මා ප්‍රියාවී....//

සිහින ලොවේ....




 

Sada Ek Dinak - Clarence Wijewardana (සද එක් දිනක් - ක්ලැරන්ස් විජේවර්ධන) #sadaekdinak

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/4bTJGtMrd2A එක උඩ CLICK කරන්න



සඳ එක් දිනක් තරු හා බිඳී 
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිතින්
සිටියා බලා සඳ එයි කියා....//

අප අතරේ මතු සසරේ සිත ළං වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා යමු පියාසලා....

සඳ එක් දිනක්....

ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා යමු පියාසලා....

සඳ එක් දිනක්....





Friday, January 8, 2021

Ran Dunuke Mala Se - Clarence Wijewardana (රන් දුනුකේ මල සේ - ක්ලැරන්ස් විජේවර්ධන) #randunukemalase

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/BEW3o_EN0XQ එක උඩ CLICK කරන්න



රන් දුනුකේ මල සේ
රන් මෑනිකේ සැරසේ
පතිකුලයේ කුමරා
ඇය කැන්දා යනවා....

සුදු සේල ගතේ එතුනා - ගෙල මාල හතක් බැඳුනා
රස විහිලු කතා ඇසුනා - මුව කෝල සිනා පිපුනා

රන් දුනුකේ මල සේ....

ඇගෙ මෑනී පියා දෙදෙනා - පොඩි දොනී කියා කියනා
මේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවා

රන් දුනුකේ මල සේ....





Malata Bambareku Se - Clarence Wijewardana (මලට බඹරෙකු සේ - ක්ලැරන්ස් විජේවර්ධන) #malatabambarekuse

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/MUjJd1Uo-Oc එක උඩ CLICK කරන්න


මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා...
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා...
ඔබ සිනාසෙනවා...

දුකින් සිත මැලවී... සිටින මොහොතකදී...
ඔබ ගැනයි සිතුවේ... නිවෙයි දුක පහවී...

ලොව පහන් වෙනවා... රැය කරා යනවා...
දහස් වර අතරේ... ඔබව සිහිවෙනවා...

මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා...
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා...
ඔබ සිනාසෙනවා...





Kimada Nawe - Clarence Wijewardana & Indrani Perera (කිමද නාවේ - ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රානි) #kimadanawe


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/tLDsiAVgkSw එක උඩ CLICK කරන්න



කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

සැමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා...//
කවදාවත් නෑ වුයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ...

මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ...//
කවදාවත් නෑ වුයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ...




 

Gamen Liyumak Awilla - Clarence Wijewardana (ගමෙන් ලියුමක් ඇවිල්ලා - ක්ලැරන්ස් විජේවර්ධන) #gamenliyumakawilla



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/RMjWd2H2AFE එක උඩ CLICK කරන්න



ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ....
මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ...//

පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා....

ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩි වෙන්නැයි
ළඟදි එනවා නම් හොඳයි නිවාඩුව දැන් දැන් ළඟයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා....




 

Desa Piya Gath Kala - Clarence Wijewardana & Jakson Anthony (දෑස පියාගත් කල - ක්ලැරන්ස් සහ ජැක්සන්) #desapiyagathkala

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/wATEk1pY_ow එක උඩ CLICK කරන්න



දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ...//

කුමාරියේ... අමතක නොවේ... ලස්සන රුවේ... සිත සැනසුවේ...

දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ...//

කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ

අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ....//

සිත කැළඹුණේ ඇයි නොම දැනේ
කී දෙයක් ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ

දෑස පියා ගත් කල...

රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා...//

මතකය මගේ අවදී වුණේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොහේ

දෑස පියා ගත් කල...





Kurulu Game Kurulu Gedara - Chithra Somapala (කුරුළු ගමේ කුරුළු ගෙදර - චිත්‍රා සෝමපාල) #kurulugamekurulugedara

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/9kj41rGTtCM එක උඩ CLICK කරන්න




කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි
බඳින දවස මගුල අදයි යස හැඩකාරි...//

මනාළයා ආවම හැඩටම පිළිගන්නේ
මනාළියගෙ මෑණියො පෙර මගටයි යන්නේ
කුරුලු කුමාරියගෙ මගුල අදය කිය කියා
ආ හැමදෙන පිළිගන්නම් හොටට හොට තියා....

කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි
බඳින දවස මගුල අදයි යස හැඩකාරි...//

මනාළයා ආවම එහි සිරිය මැවෙන්නේ
කුරුලු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ
මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ
යෙහෙළියො එක්වීලා මල් පියළි ඉසින්නේ....

කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි
බඳින දවස මගුල අදයි යස හැඩකාරි...//




Dakunu Lake Aga Nagare - Chithra Somapala (දකුණු ලකේ අග නගරේ - චිත්‍රා සෝමපාල) #dakunulakeaganagare

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/7gRC3wFV5mA එක උඩ CLICK කරන්න


දකුණු ලකේ අග නගරේ... ගාලු පුරේ සිරි...
කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ...//

අත්දිග හැට්ටේ ඇඳගත් ගාලු ලඳුන්නේ...
දෑත පුරා රන් වලලු නාද නගන්නේ...

මූදු සුළං විඳිමින් හිර බැස යන යාමේ...
ගාලු පවුර මත කුමරියො වැතිර සිටින්නනේ...

දකුණු ලකේ අග නගරේ... ගාලු පුරේ සිරි...
කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ...

පනාකපන්නෝ කලුවර කැටයම් කරුවෝ...
කලාශිල්ප දියුනු කරන විස්කම් දරුවෝ...

රේස් තිරික්කලයේ නැගි ගාලු තරුණයෝ...
හෙල සිංහල විරු දරුවන් බල පෙන්වන්නේ...

දකුණු ලකේ අග නගරේ... ගාලු පුරේ සිරි...
කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ...//




Thursday, January 7, 2021

Seetha kandu yaye - Chandrasena Hettiarachchi & Chandraleka Perera (සීත කදු යායේ... ගයන ගී රාවේ...) #seethakanduyaye


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/A-cmKhMn8cs එක උඩ CLICK කරන්න



සීත කඳු යායේ... ගයන ගී රාවේ...
කවුරු දෝ... කාගෙ දෝ...
මියුරු ගී රාවේ....

සීත රෑ යාමේ... ගැයෙන ගී මාගේ...
සිත මගේ... තනියටයි...
මෙලෙස ගී ගැයුවේ....

සඳට රැය එක්වී සතුටු සුව විඳිතී
කාලයේ... වැලිතලාවේ... මෙමට ඔබ හමුවී...

සඳට රැය එක්වී සතුටු සුව විඳිතී
පවසනා දේ... නොතේරේ... මෙමට අරුමය කී...

සීත කඳු යායේ...

කියන්නට සිත්වී වදන් වැල සැරසී
සිත් පහන්... විය මගේ... ළඳුනි ඔබ දැකුමින්...

කියන්නට සිත් වී වදන් වැල සැරසී
මම මෙසේ... සිටී නම්... එයද සැනසුමකී...

සීත කඳු යායේ....




 

Thanuwa Ahimi Pem Kawiyaki - Chamara Weerasinghe (තණුව අහිමි පෙම් කවියකි - චාමර වීරසිංහ) #thanuwaahimi


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/qC8LgPm6dPQ එක උඩ CLICK කරන්න


තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු ගීිතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා...//

වියළි දෙතොල් පට උණු කඳුළකින් තෙම තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු සලා
කියමි නෙතු සලා... කියමි නෙතු සලා... කියමි නෙතු සලා...

තනුව අහිමි පෙම් කවියකි....

පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ...//

හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ
කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ... දුන්නු හාදුවේ... දුන්නු හාදුවේ...

තනුව අහිමි පෙම් කවියකි....



 

Sithin Witharak Pem Karannam - Chamara Weerasinghe (සිතින් විතරක් පෙම් කරන්නම් - චාමර වීරසිංහ) #sithinwitharak

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/ZWIwBCmxPC0 එක උඩ CLICK කරන්න



සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් ඉඳ ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මටද ඔබ හිමි නෑ...

නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී...
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මටද ඔබ හිමි නෑ...

සිතින් විතරක්...

සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලඟ...
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මටද ඔබ හිමි නෑ...

සිතින් විතරක්...



Oya Susum Pawan Wedi - Chamara Weerasinghe (ඔය සුසුම් පවන් වැදී - චාමර වීරසිංහ) #oyasusumpawanwedi

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/1-yWGqnuPg8 එක උඩ CLICK කරන්න



ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී...//
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි...//

මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි...//
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි...//

ඔය සුසුම් පවන්...

ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස් ගනන් පැතුම්...//
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන් //

ඔය සුසුම් පවන්...



Sihinayaki Oba - Bandara Athauda & Niranjala Sarojini (සිහිනයකි ඔබ-බණ්ඩාර අතාවුද සහ නිරංජලා සරෝජිනි) #sihinayakioba

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/uaXhbHZCQ_w එක උඩ CLICK කරන්න



සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා...
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා...

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසිවිට සමු නොගන්නා...
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා...

සිහිනයකි ඔබ....

යුග ගනන් අප වෙන්ව ආ මග
සොදුරු නිම්නෙක එක් වෙලා...
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා...

හිරුට තනි නැත සඳුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා...
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප ඇත ලං වෙලා...



Saturday, January 2, 2021

Kohe Yanneda- Bandara Athauda & Malani Bulathsinhala (කොහේ යන්නෙද- බණ්ඩාර අතාවුද සහ මාලනී බුලත්සිංහල) #koheyanneda

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/aRIrQJKM8Bc එක උඩ CLICK කරන්න



කොහේ යන්නෙද...
කොහේ ඉන්නෙද...
ඔබත් ඇසුවා මගෙන්...
මමත් ඇසුවා ඔබෙන්... //

මං මුලාවී ජීවිතේ අපි
ලං වෙලා ඉමු මේ ලෙසින්...
තවත් පෙම්වතියන්... පෙම්වතුන්...
එනතුරා මේ මාවතේ
ගමන් මඟ විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි
ලංවෙලා සිටියේ හදින්...
හෙටත් අද වාගේ... බලා හිඳිමු...
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද...




Budune Jesune Allah Deviyane - Bachi Susan (බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ - බාචි සුසාන්) #budunejesune

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/_bK0J4wWpx4 එක උඩ CLICK කරන්න



බුදුනේ...... ජේසුනේ...... අල්ලා දෙවියනේ......
සාමයෙ හඬ සුන්ව ගියා එදා තිබූ මුවේ සිනා අද කොහෙදෝ පාවෙළා ගිහින්....
කඳුළු ගඟක් ගළා ගියා ගස්වැල් සැම සුන්කරදා යුධගිණිදැල් ඇවිළිලා යමින්.....
බුදුනේ............ ජේසුනේ........... ඔබතුමානනේ ඇයි මේ දෙස නොබළා ඉන්නේ.....
අල්ලා............දෙවියනේ....... ඔබ එදා නොවෙයි අද දවසෙයි
ඉන්නට..... තිබුනේ.......

වාදවෙවී අසමඟි වී භේද භින්න වී සැමදෙන විනාශ වී මුළු ලොව නැසුණා.....
රුක් දෙවිඳුන් අද නැතිවා කැලේ සතුන් සැම නැසුවා මිහිකත ගිණි වැදී සුන් වුණා.....
බුදුනේ............ ජේසුනේ........... ඔබතුමානනේ ඇයි මේ දෙස නොබළා ඉන්නේ.....
අල්ලා............දෙවියනේ....... ඔබ එදා නොවෙයි අද දවසෙයි
ඉන්නට..... තිබුනේ.......

අනාගතේ සුන් වීලා අනාථයෝ බිහිවීළා පරාද වී අප සැම නැසුනා.....
මිණිස් ගුනේ සැංගීලා.... අගාධයේ ඇද වැටිලා හිරු දැවිලා මුළු ලොව නැසුනා.....
බුදුනේ............ ජේසුනේ........... ඔබතුමානනේ ඇයි මේ දෙස නොබළා ඉන්නේ.....
අල්ලා............දෙවියනේ....... ඔබ එදා නොවෙයි අද දවසෙයි
ඉන්නට..... තිබුනේ.......

යුධ ගිණිදැල් නිමවීලා සාමයෙ මල් පිබිදීලා බිහිවේවා සොඳුරු හෙට දිනේ.....
එකමුතුවී සමඟි වෙවී ජාතිභේද සුන්කරමින් එකම මවගෙ දරුවන් විලසේ....
ආශා...... සුන්නොවී.... අප හැමෝගේම දුක් දොම්නස් නිමා වුණාවේ.....

බුදුනේ.....ජේසුනේ...... අල්ලා දෙවියනි අප ලොව වෙත යලිඳු එනු මැනේ....//

අල්ලා.....දෙවියනේ... ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට..... තිබුනේ.......






Friday, January 1, 2021

Sinhala Jaya Geetha Hadata - Athula Somasiri (සිංහල ජය ගීත හඩට - අතුල සෝමසිරි) දේශාභිමානී ගී... #sinhalajayageethahadata

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/keS-NcaeWfc එක උඩ CLICK කරන්න



සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ සිංහල සරණේ....//

මූදු වගේ වැව් බැදුණේ... යෝධ විකුම් බල නැඟුණේ...//

වීර හැඟුම් මල් පිපුණේ
සාර රටක් ලොව මැවුණේ
ගල් මත බුදු රූ දිලුණේ
මහ මෙත් සිසිලෙන් තෙමුණේ
මහ බෝ හිස දළු සැළුණේ
සදහම් පණිවිඩ ඇසුණේ

සිංහල ජය ගීත හඬට...

රුදු රුපු තෙද ඔද සිදුණේ... සුරවිරු රණ ගී ගැයුණේ....//

මව් බිම දියුණට පොරණේ
දහදිය කඳු ගොඩ ගැසුණේ
සිරි දළදා රැකවරණේ...
රන් වැළි මහ සෑ කිරණේ...
මරණින් මතු නව අරණේ...
යළි උපදිමු මේ දෙරණේ...

සිංහල ජය ගීත හඬට...




Re Ahase Tharuketa Paya Diluna - Aathma Liyanage (රෑ අහසේ තරු කැට පායා දිලුනා - ආත්මා ලියනගේ) #reahasetharuketapayadiluna

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/UyRkOEddAeE එක උඩ CLICK කරන්න



රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ වෙලුනා....

තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
සදකිරනින් ඔබෙ මහුන සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා....

රෑ අහසේ....

ඔබේ සුමුදු අත් මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී ගිලෙනවා
සිතට දැනෙනවා....

රෑ අහසේ....




Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...